ප්‍රංශයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය
பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்
Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France

වයස අවුරුදු 16 ට අඩු පළමු වරට හෝ අලුත් කිරීම සඳහා අයදුම් කරන බාලවයස්කාර අයදුම්කරුවන්
සුදුසුකම්: වයස අවුරුදු 16 ට අඩු, වංශයෙන් හෝ ලියාපදිංචියෙන් ශ්‍රී ලංකා පුරවැසියෙකු වන අයදුම්කරුවෙකි.
වලංගු කාලය: වෙනත් ආකාරයකින් සඳහන් නොකළහොත් වසර තුනක් (03) සඳහා වලංගු වේ.
අයදුම් කළ හැක්කේ කාහටද? ප්‍රංශය / ස්පාඤ්ඤය / පෘතුගාලය / මොනාකෝ / ඇන්ඩෝරා යන රටවල ස්ථිර පදිංචි (PR) සහතිකයක් හෝ වලංගු වීසා බලපත්‍රයක් හිමි අයවලුන්.
අයදුම් කළ යුත්තේ කවදාද?
- පවතින ගමන් බලපත්‍රයේ වසර 10ක වලංගු කාලය අවසන් වූ විට
- ගමන් බලපත්‍රයේ පිටු සියල්ල භාවිතා කර අවසන් වූ විට
- ගමන් බලපත්‍රය භෞතිකව හානි වී ඇති විට
- අලුත උපන් දරුවෙකු සඳහා නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේදී
(සටහන: ගමන් බලපත්‍රය අහිමි වී හෝ සොරකම් වී ඇත්නම් වෙනම අයදුම් කිරීමේ ක්‍රියාපටිපාටියක් අදාළ වේ. ඒ සඳහා "Lost or Stolen Passport" කොටස බලන්න.)
කාලය කොපමණද? ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ බලධාරියා වන්නේ ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව (කොළඹ) වේ. එබැවින් සම්පූර්ණ කරන ලද අයදුම්පත භාර දුන් දිනයේ සිට නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට මාස 4 සිට 6 දක්වා කාලයක් ගතවේ. සාමාන්‍යයෙන් තානාපති කාර්යාලය සම්පූර්ණ අයදුම්පත් සතියකට එක් වරක් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රාජතාන්ත්‍රික තැපැල් මඟින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කරයි.
නිශ්චිත කාල සීමාවක් තුළ ගමන් බලපත්‍රයක් නිකුත් කරන බව තානාපති කාර්යාලයට සහතික කළ නොහැක.
අයදුම් කිරීමේ ක්‍රම දෙකක් ඇත:
- ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණීමෙන්: ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 16 Rue Spontini, 75016 Paris වෙත පැමිණීමට පෙර අන්තර්ජාලය ඔස්සේ වේලාවක් (Appointment) වෙන් කර ගැනීම අනිවාර්යය වේ.
- තැපැල් මඟින් අයදුම් කිරීම: Embassy of Sri Lanka in France, 16 Rue Spontini, 75016 Paris යන ලිපිනය වෙත පහත සඳහන් ලේඛන, මුල් ලේඛන, පවතින ගමන් බලපත්‍රය, ඒවායේ පිටපත්, ප්‍රංශ නොතාරිස්වරයෙකු/නීතිඥයෙකු/අදාළ නගර කාර්යාලය හෝ ශ්‍රී ලංකා ගෞරව කොන්සල්වරයෙකු විසින් සහතික කළ අයදුම්පත සහ ඡායාරූප, බැංකු ගෙවීම් සටහන සහ ස්වයං ලිපිනය සහිත මුද්දර ඇලවූ ලියුම් කවරයක් (01) සමඟ එවිය යුතුය.
විශේෂ සටහන්
- තැපෑලෙන් ලේඛන යැවීමේදී ඒවා අහිමි වීම හෝ හානි වීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලය වගකීමක් නොදරයි.
- අවශ්‍ය සියලු ලේඛන සම්පූර්ණ බවට කොන්සියුලර් අංශයෙන් තහවුරු කිරීමක් ලැබෙන තුරු කිසිදු ගාස්තුවක් තානාපති කාර්යාලයේ බැංකු ගිණුමට මාරු නොකරන්න.
- නිල රිසිට්පත නිකුත් කළ පසු ගෙවූ ගාස්තු කිසිදු අවස්ථාවක ආපසු නොලැබේ.
අවශ්‍ය ලේඛන
- සම්පූර්ණ කර මුද්‍රණය කරන ලද K35A දරණ අයඳුම් පත. ගමන් බලපත්‍ර අයදුම්පත පිරවීම සඳහා උපදෙස්.
- දැනට ගමන් බලපත්‍රයක් තිබේ නම් මුල් ගමන් බලපත්‍රය සහ දත්ත පිටුවේ හා සංශෝධන පිටුවේ ඡායා පිටපත.
- (ශ්‍රී ලංකාවේ උපත ලැබූ අය සඳහා) මුල් උප්පැන්න සහතිකය සහ පැහැදිලි A4 ප්‍රමාණයේ ඡායා පිටපත. (විදේශයක උපත ලැබූ අය සඳහා) මුල් පුරවැසි සහතිකය හෝ පුරවැසිභාවය සඳහා ගෙවූ රිසිට්පත. සටහන: විදේශයක උපත ලැබූ අය වයස අවුරුදු 21 සම්පූර්ණ කර ඇත්නම්, ශ්‍රී ලංකා පුරවැසිභාවය පවත්වාගෙන යාම පිළිබඳ පසුපස සටහන සහිත පුරවැසි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
- විදේශ ගමන් බලපත්‍ර සඳහා නියමිත ඡායාරූප ලබා ගන්න. නිශ්චිත අවශ්‍යතා සපුරා නොමැති ඕනෑම ඡායාරූපයක් තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරනු ඇත.
- දෙමාපියන් දෙදෙනාගේ අත්සන් සහිත අනුමැති ලිපිය.
- දෙමාපියන් දෙදෙනාගේ ගමන් බලපත්‍ර දත්ත පිටු, සංශෝධන පිටු, දරුවන්ගේ පිටු (2–8) සහ වීසා පිටපත්.
- දරුකමට ගත් දරුවන් සඳහා: දරුකමට ගැනීමේ සහතිකය, අධිකරණ නියෝගය සහ පරිවාස හා ළමා රැකවරණ කොමසාරිස්ගේ ලිපිය.
- ද්විත්ව පුරවැසියෙකු නම් ද්විත්ව පුරවැසි සහතිකයේ පිටපත සහ විදේශීය ගමන් බලපත්‍රයේ දත්ත පිටුව.
- පෙර ගමන් බලපත්‍රය අහිමි වී හෝ සොරකම් කර ඇත්නම්: පොලිස් වාර්තාව (අහිමි වූ ගමන් බලපත්‍ර අංකය සඳහන් විය යුතුය). ගමන් බලපත්‍රයේ දත්ත පිටුවේ පිටපත (තිබේ නම්).
- පිටපතක් නොමැති නම් නොතාරිස්වරයෙකු ඉදිරියේ දිවුරුම් ප්‍රකාශයක් සකස් කර ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නීතිගත කළ යුතුය.
- දරුවාගේ ප්‍රංශය / ස්පාඤ්ඤය / පෘතුගාලය / මොනාකෝ / ඇන්ඩෝරා වීසා තත්ත්වය (අවම වශයෙන් මාස 1–3ක වලංගුභාවයක් තිබිය යුතුය).
- වෙනත් සුදුසු ලියකියවිලි (දෙමව්පියන් දික්කසාද වී ඇත්නම් අධිකරණ තීන්දුව, දෙමව්පියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම මියගොස් ඇත්නම් මරණ සහතිකය, බාලවයස්කරුගේ නීත්‍යානුකූල භාරකාරත්වය/භාරකාරත්වය පිළිබඳ ලේඛනමය සාක්ෂි)
වැදගත්: ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සහ අසත්‍ය ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා නීතිය අනුව දඬුවම් ලැබිය හැකි අපරාධයකි.
ගෙවීමේ ක්‍රමය
- අයදුම්කරු තානාපති කාර්යාලයට පැමිණෙන්නේ නම්, මුදලින්, ක්‍රෙඩිට් කාඩ්පතකින් හෝ ඩෙබිට් කාඩ්පතකින් ගෙවීම් සිදු කළ හැකිය. පුද්ගලික හෝ සමාගම් චෙක්පත් භාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න. ශ්‍රී ලංකා රජයේ නියමයන්ට අනුව, ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මගින් සිදුකරන සියලුම ගෙවීම් සඳහා අමතර 5% ක සේවා ගාස්තුවක් අය කෙරෙන බව කරුණාවෙන් සලකන්න.
- අදාළ ගාස්තුව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බැංකු ගිණුමට සෘජු බැංකු මාරු කිරීමක් (Bank Transfer) මගින් ගෙවීමට අපේක්ෂා කරන අයදුම්කරුවන්, ඒ සඳහා අවශ්‍ය පූර්ව උපදෙස් ලබා ගැනීම සඳහා තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස දැනුම් දෙනු ලැබේ.
ගාස්තු
| කොන්සියුලර් සේවාවේ විස්තරය | සාමාන්‍ය ගාස්තුව (€) | කාඩ්පත් ගෙවීම් (+5%) |
|---|---|---|
| වයස අවුරුදු 16 ට අඩු ගමන් බලපත්‍රය පළමු වරට හෝ අලුත් කිරීම සඳහා | €115 | €120.75 |
| පෙර ගමන් බලපත්‍රය අහිමි වී හා දත්ත පිටුවේ පිටපතක් තිබේ නම් | € 305 | €320.25 |
| පෙර ගමන් බලපත්‍රය අහිමි වී හා දත්ත පිටුවේ පිටපතක් නොමැති නම් | €395 | €414.75 |
| තැපැල් ගාස්තුව (ප්‍රංශය තුළ) | €10 | €10.50 |
| තැපැල් ගාස්තුව (ප්‍රංශයෙන් පිටත) | €15 | €15.75 |
වැදගත්
- නිල රිසිට්පත නිකුත් කළ පසු ගෙවූ ගාස්තු කිසිදු අවස්ථාවක ආපසු නොලැබේ.
- පරිවර්තන ලේඛන මුල් ලේඛන ලෙස පිළිගනු නොලැබේ.
- සියලු ඡායා පිටපත් A4 ප්‍රමාණයේ විය යුතුය.
- තානාපති කාර්යාලය සියලු මුල් ලේඛන සහතික කර නැවත අයදුම්කරුට භාරදෙනු ලැබේ.