කොන්සියුලර් ජංගම සේවාව
(Nice, Monaco, Cannes සහ දකුණු ප්රංශය ආවරණය කරමින්)
දිනය: 2026 නොවැම්බර් 21 (සෙනසුරාදා)
වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා
ස්ථානය: Salle Le Petit Rene, 5 Boulevard des Moneghetti, 06240 Beausoleil
එදින ලබාගත හැකි සේවාවන්
1. ශ්රී ලාංකික විදේශ ගමන් බලපත්ර සඳහා අයදුම්පත් භාර ගැනීම
2. විශ්රාමිකයන් සඳහා ජීවිත සහතික නිකුත් කිරීම
3. ශ්රී ලංකාවෙන් පිටත උපන් දරුවන්ගේ උපත් ලියාපදිංචි කිරීම සහ පුරවැසිභාවය පිළිබඳ සහතික සඳහා අයදුම්පත් භාර ගැනීම
4. විදේශ ගමන් බලපත්රවල දත්ත නිවැරදි කිරීම (නිල් පැහැති විදේශ ගමන් බලපත්රය හැර)
5. ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම්පත් භාර ගැනීම
6. අවිවාහක බවට සහතික නිකුත් කිරීම
7. වීසා සඳහා අයදුම්පත් භාර ගැනීම
8. පරිවර්තනය සඳහා ලේඛන භාර ගැනීම
9. පොලිස් නිෂ්කාශන සහතික සඳහා අදාළ ලේඛන භාර ගැනීම
10. e-BMD පද්ධතියේ ලියාපදිංචි කර ඇති උපත් සහතිකවල පිටපත් නිකුත් කිරීම (1960 න් පසු උපන් අය සඳහා)
11. ලේඛන සහතික කිරීම
12. හදිසි ගමන් ලේඛන නිකුත් කිරීම
13. දිවුරුම් ප්රකාශ සහ ඇටෝර්නි බලපත්රවල අත්සන් සහතික කිරීම
සම්බන්ධතා විස්තර
ප්රංශයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය
දුරකථන: +33 1 55 73 31 31
විද්යුත් තැපෑල: consular.paris@mfa.gov.lk
