ප්‍රංශයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය

பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France

Embassy Flag

ද්විත්ව පුරවැසිභාවය (Dual Citizenship)

ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ශ්‍රී ලාංකික පුරවැසිභාවය රඳවා ගැනීම හෝ නැවත ලබා ගැනීම

ප්‍රංශයේ පදිංචි ස්ථිර පදිංචි තත්ත්වයක් (Permanent Resident Status) සහිත ශ්‍රී ලාංකික පුරවැසියන්, ශ්‍රී ලාංකික පුරවැසිභාවය අත් නොහැර ප්‍රංශ පුරවැසිභාවය ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, සහ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රංශ පුරවැසිභාවය ලබාගෙන ඇති පුද්ගලයින්  ශ්‍රී ලංකා පුරවැසි පනතට අනුව නැවත ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා ගැනීමට ඇවැසි නම්, පැරිස් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කළ හැක.

ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ ක්‍රියාවලිය කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව (Department of Immigration and Emigration – DIE) විසින් පරිපාලනය කරනු ලබයි.

තානාපති කාර්යාලයේ කාර්යභාරය වන්නේ අයදුම්පත් භාර ගැනීම සහ ඒවා කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම සඳහා පහසුකම් සැලසීම පමණි.

ද්විත්ව පුරවැසිභාවය ලබාගත හැකි ආකාර

1. පුරවැසිභාවය නැවත ලබා ගැනීම (Resumption of Citizenship)

19(2) වගන්තිය යටතේ

දැනටමත් විදේශ පුරවැසිභාවය ලබාගෙන ඇති සහ නැවත ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා ගැනීමට කැමති හිටපු ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා.

2. පුරවැසිභාවය රඳවා ගැනීම (Retention of Citizenship)

19(3) වගන්තිය යටතේ

විදේශ පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රියාවලියේ සිටින සහ ශ්‍රී ලාංකික පුරවැසිභාවය රඳවා ගැනීමට කැමති වර්තමාන ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා.

ද්විත්ව පුරවැසිභාවය සඳහා සුදුසු කාණ්ඩ

අයදුම්කරුවන් ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන විට පහත සඳහන් කාණ්ඩවලින් එකක් තෝරාගත යුතුය.

  • වයස් කාණ්ඩය (Age Category)වයස අවුරුදු 55 ඉක්මවූ අයදුම්කරුවන් සඳහා
  • අධ්‍යාපනික / වෘත්තීය කාණ්ඩය (Academic / Professional Category)
  • ශ්‍රී ලංකාවේ වත්කම් / දේපළ හිමිකම (Assets / Properties in Sri Lanka)
  • ස්ථාවර තැන්පතු (Fixed Deposit)ශ්‍රී ලංකා රුපියල් මිලියන 2.5 හෝ ඊට වැඩි
  • ස්ථාවර තැන්පතු (Fixed Deposit)ඇමරිකානු ඩොලර් 25,000/- හෝ ඊට වැඩි
  • භාණ්ඩාගාර බැඳුම්කර / SIA ආයෝජනඇමරිකානු ඩොලර් 25,000/- හෝ ඊට වැඩි
  • යැපෙන්නන් (Dependent Category)ප්‍රධාන අයදුම්කරුගේ කලත්‍රයා හෝ වයස අවුරුදු 22ට අඩු දරුවන්

සියලුම අයදුම්කරුවන් සඳහා අවශ්‍ය ලේඛන

  • ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම්පත
  • පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 3ක්. එකක් අයදුම්පතට අළවා තිබිය යුතුය. ප්‍රමාණය: 3.5 cm x 4.5 cm. නියමිත අවශ්‍යතා අනුව තිබිය යුතුය.
  • මුල් ශ්‍රී ලාංකික උප්පැන්න සහතිකය. (පරිවර්තන පිළිගනු නොලැබේ) නිකුත් කළ ලියාපදිංචි නිලධාරියාගේ අත්සන, විස්තර සහ නිල මුද්‍රාව පසුපස පිටුවේ පැහැදිලිව දැක්විය යුතුය. සහතිකය පැහැදිලිව කියවිය හැකි විය යුතුය. ඉරුණු හෝ හානි වූ සහතික භාර නොගනී.

පුරවැසිභාවය නැවත ලබා ගැනීමේ අයදුම්කරුවන් සඳහා අමතර ලේඛන

  • පෙර ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය (තිබේ නම්)
  • ශ්‍රී ලාංකික ජාතික හැඳුනුම්පතේ පිටපත (තිබේ නම්)
  • විදේශ පුරවැසි සහතිකය
  • විදේශ ගමන් බලපත්‍රය
  • අපරාධ වාර්තාව / පොලිස් නිෂ්කාශන සහතිකය (Police Clearance / Criminal Record) අදාළ රටේ අධිකරණ අමාත්‍යාංශයෙන් අවසන් මාස 3 ඇතුළත නිකුත් කළ එකක් විය යුතුය. (වයස අවුරුදු 16ට අඩු අයදුම්කරුවන් සඳහා අවශ්‍ය නොවේ).

පුරවැසිභාවය රඳවා ගැනීමේ අයදුම්කරුවන් සඳහා අමතර ලේඛන

  • වර්තමාන ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය
  • ශ්‍රී ලාංකික ජාතික හැඳුනුම්පතේ පිටපත (තිබේ නම්)
  • ස්ථිර පදිංචි වීසා බලපත්‍රයේ සහතික කළ පිටපත
  • අපරාධ වාර්තාව / පොලිස් නිෂ්කාශන සහතිකය ප්‍රංශ අධිකරණ අමාත්‍යාංශයෙන් සහ/හෝ අයදුම්කරු දැනට පදිංචි රටෙන් අවසන් මාස 3 ඇතුළත ලබාගත් එකක් විය යුතු අතර එය ඉංග්‍රීසි පරිවර්තනය සමඟ ඉදිරිපත් කළ යුතුය. (වයස අවුරුදු 16ට අඩු අයදුම්කරුවන් සඳහා අවශ්‍ය නොවේ.)

වැදගත් (IMPORTANT)

අයදුම්කරු විදේශ පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසු තම නම වෙනස් කර ඇත්නම්, ප්‍රංශ නීතිඥයෙකු (French Lawyer) හෝ නොටරිවරයෙකු (Notary) විසින් නිකුත් කරන ලද සහ ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නීතිගත කරන ලද නම එකම පුද්ගලයෙකුට අදාළ බව තහවුරු කරන සහතිකය (Attestation of Concordance) එහි ඉංග්‍රීසි පරිවර්තනය සමඟ ඉදිරිපත් කළ යුතුය.

සටහන: මුල් පරිවර්තන ලේඛන ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත යැවීම සඳහා තානාපති කාර්යාලය විසින් රඳවා තබා ගනු ලැබේ.

කාණ්ඩ අනුව අවශ්‍ය අමතර ලේඛන (Additional Documents Required Based on the Category)

1. වයස් කාණ්ඩය (Age Category)

අවශ්‍ය ලේඛන:

  • නොමැත.

2. අධ්‍යාපනික / වෘත්තීය කාණ්ඩය (Academic / Professional Category)

අවශ්‍ය ලේඛන:

  • අයදුම්කරුගේ අධ්‍යාපනික හෝ වෘත්තීය සහතිකඅවම වශයෙන් වසර 1ක ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ ඊට ඉහළ සුදුසුකමක් හෝ වෙනත් වෘත්තීය සුදුසුකමක් තිබිය යුතුය.
  • අවම වශයෙන් වසර 1ක ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ ඊට ඉහළ සුදුසුකමක් හෝ වෙනත් වෘත්තීය සුදුසුකමක් තිබිය යුතුය.
  • ප්‍රංශයෙන් නිකුත් කරන ලද සහතික, ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නීතිගත කළ යුතුය. ඉන්පසු සහතික කළ ලේඛනය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ යුතුය..
  • ප්‍රංශයෙන් පිටත වෙනත් රටක ආයතනයකින් / විශ්වවිද්‍යාලයකින් ලබාගත් අධ්‍යාපන සුදුසුකම් නම්: ප්‍රංශයේ අදාළ තානාපති කාර්යාලයෙන් සහතික කළ යුතුය.පාඨමාලා විස්තර (Course Transcription) ද සහතික කළ යුතුය.

3. ශ්‍රී ලංකාවේ වත්කම් / දේපළ (Assets / Properties in Sri Lanka)

සුදුසුකම:

  • ශ්‍රී ලංකාවේ රුපියල් මිලියන 2.5ක් හෝ ඊට වැඩි වටිනාකමක් ඇති වත්කම් හෝ නිශ්චල දේපළ හිමි අයදුම්කරුවන්.

හවුල් දේපළක් නම්:

  • අයදුම්කරු සහ කලත්‍රයා හෝ සහෝදර සහෝදරියන් අතර හවුල් දේපළක් නම්,
  • අයදුම්කරුට හිමි කොටසේ වටිනාකම රුපියල් මිලියන 2.5ක් හෝ ඊට වැඩි විය යුතුය.

වැදගත් කරුණු:

  • අයදුම්කරු විදේශ පුරවැසිභාවය ලබා ගැනීමට පෙර ඉඩම/දේපළ හිමිකම ලබාගෙන තිබිය යුතුය.
  • විදේශ පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසු මිලදී ගත් දේපළ ද්විත්ව පුරවැසිභාවය සඳහා පිළිගනු නොලැබේ.

තෑගි ඔප්පු (Gift Deed):

ශ්‍රී ලාංකික දෙමාපියෙකු විසින් විදේශ පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසු අයදුම්කරුට තෑගි ඔප්පුවක් ලබා දී ඇත්නම්, එය සලකා බැලිය හැක.

සටහන:

  • තෑගි ඔප්පුව අහෝසි කළ නොහැකි (Irrevocable) ආකාරයෙන් අයදුම්කරුගේ නමට මාරු කර තිබිය යුතුය.
  • තෑගි දෙන පුද්ගලයාට කිසිදු හිමිකමක් ඉතිරි නොවිය යුතුය.

අවශ්‍ය ලේඛන:

  • මුල් ඔප්පුව (Original Deed)ඔප්පුව දෙමළ භාෂාවෙන් නම් ඉංග්‍රීසි පරිවර්තනයක් ඉදිරිපත් කළ යුතුය. තෑගි ඔප්පුවක් භාවිතා කරන්නේ නම්, අයදුම් කළ දිනයට පෙර වසර 10කට අදාළ ලියාපදිංචි ඔප්පුවක් විය යුතුය.
  • මුල් තක්සේරු වාර්තාව (Original Valuation Report) මාස 3කට වඩා පැරණි නොවිය යුතුය. තක්සේරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි තක්සේරුකරුවෙකු විසින් සකස් කළ යුතුය.
  • හිමිකම් වාර්තාව (Title Report with Pedigree)මාස 3කට වඩා පැරණි නොවිය යුතුය.

ශ්‍රී ලංකා රුපියල් ස්ථාවර තැන්පතුව

සුදුසුකම:

  • ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත වාණිජ බැංකුවක අවම වශයෙන් වසර 3ක කාලයක් සඳහා රුපියල් මිලියන 2.5ක් හෝ ඊට වැඩි ස්ථාවර තැන්පතුවක් ඇති අයදුම්කරුවන්.

අවශ්‍ය ලේඛන:

  • බැංකුවෙන් නිකුත් කළ තහවුරු කිරීමේ ලිපිය: (ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා මෙම තැන්පතුව වසර 3කට පෙර ආපසු ලබා නොගන්නා බව සඳහන් කළ යුතුය. "මෙම ස්ථාවර තැන්පතුව ද්විත්ව පුරවැසිභාවය සඳහා පමණක් විවෘත කර ඇත" යන සඳහන තිබිය යුතුය.)
  • බැංකු ලිපිය ලැබුණු වහාම (එනම් ලිපියේ දිනයෙන් මාසයක් ඇතුළත) අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය.

ඇමරිකානු ඩොලර් ස්ථාවර තැන්පතුව

සුදුසුකම:

  • NRFC, RFC හෝ SFIDA ගිණුමක් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත බැංකුවක අවම වශයෙන් වසර 3ක් සඳහා USD 25,000/- හෝ ඊට වැඩි ස්ථාවර තැන්පතුවක් ඇති අයදුම්කරුවන්.

අවශ්‍ය ලේඛන:

  • අදාළ ස්ථාවර තැන්පතු සහතිකය.
  • බැංකුවේ තහවුරු කිරීමේ ලිපිය:වසර 3කට පෙර මුදල් ආපසු ලබා නොගන්නා බව සඳහන් කළ යුතුය. ද්විත්ව පුරවැසිභාවය සඳහා පමණක් විවෘත කළ තැන්පතුවක් බව සඳහන් කළ යුතුය.

5. භාණ්ඩාගාර බැඳුම්කර / SIA ආයෝජනය (Investment in Treasury Bonds / SIA)

සුදුසුකම:

  • TB (Treasury Bonds) හෝ SIA (Securities Investment Account) යටතේ අවම වශයෙන් වසර 3කට USD 25,000/- හෝ ඊට වැඩි ආයෝජනයක් කළ අයදුම්කරුවන්.

අවශ්‍ය ලේඛනය:

  • ද්විත්ව පුරවැසිභාවය සඳහා ආයෝජනය කල්පිරීමට පෙර ඉවත් නොකරන බව තහවුරු කරන අදාළ ආයතනයේ සහතිකය.

6. යැපෙන්නන් (කලත්‍රයා හෝ වයස අවුරුදු 22ට අඩු දරුවන්)

ප්‍රධාන අයදුම්කරුගේ කලත්‍රයා හෝ වයස අවුරුදු 22ට අඩු අවිවාහක දරුවා මෙම කාණ්ඩය යටතේ සුදුසුකම් ලබයි.

මෙම පහසුකම අදාළ වන්නේ:

  • 1948 අංක 18 දරන පුරවැසි පනතේ 19, 20 හෝ 21 වගන්ති යටතේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අවසන් වූ පුද්ගලයෙකුට හෝ අවසන් වීමට ඉඩ ඇති පුද්ගලයෙකුට පමණි.

දරුවන් සඳහා:

  • අයදුම්පත වයස අවුරුදු 21යි මාස 6 සම්පූර්ණ වීමට පෙර ඉදිරිපත් කළ යුතුය.
  • 2019.07.01 සිට වයස අවුරුදු 21යි මාස 6 ඉක්මවූ අයදුම්කරුවන් මෙම කාණ්ඩය යටතේ භාර නොගනී.

කලත්‍රයා සඳහා:

  • මුල් විවාහ සහතිකය

දරුවන් සඳහා:

  • මුල් ශ්‍රී ලාංකික උප්පැන්න සහතිකය.
  • මුල් ශ්‍රී ලාංකික පුරවැසි සහතිකය (දරුවා ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලැබුවේ නම්)

සටහන: වයස අවුරුදු 22ට අඩු දරුවෙකු යැපෙන්නෙකු ලෙස ද්විත්ව පුරවැසිභාවයට අයදුම් කරන්නේ නම්, මව හෝ පියා ද ඔහු/ඇය සමඟ අයදුම් කළ යුතුය.

එසේ නොමැති නම්, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු ප්‍රධාන අයදුම්කරුවෙකු ලෙස වෙනත් සුදුසු කාණ්ඩයක් යටතේ අයදුම් කළ යුතුය.

ශ්‍රී ලාංකික පුරවැසිභාවය අත්හැරීම (Renunciation of Sri Lankan Citizenship)

ශ්‍රී ලාංකික පුරවැසිභාවය අත්හැරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවෙකු පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය:

  • ශ්‍රී ලංකා ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වෙත යොමු කළ ඉල්ලීම් ලිපිය
  • මුල් ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසි සහතිකය
  • මුල් ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය
  • මුල් ශ්‍රී ලාංකික ජාතික හැඳුනුම්පත
  • පුරවන ලද සහ සහතික කළ K ආකෘතිය

ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව (Controller General/DIE) අයදුම්කරු සමඟ සෘජුව සම්බන්ධ වනු ඇත.

අයදුම්පත් ඉදිරිපත් කිරීම

1. ශ්‍රී ලංකාවේදී සෘජුව ඉදිරිපත් කිරීම

  • අයදුම්කරුවන්ට අයදුම්පත සෘජුවම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව වෙත ඉදිරිපත් කළ හැක.

2. Embassy of Sri Lanka in France16 Rue Spontini, 75016 Paris හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ ඉදිරිපත් කිරීම

අවශ්‍යතා:

  • මුල් ලේඛන සහ A4 ප්‍රමාණයේ පිටපත් කට්ටලයක් ඉදිරිපත් කළ යුතුය.
  • අයදුම්පත තානාපති කාර්යාල නිලධාරියෙකු ඉදිරියේ අත්සන් කළ යුතුය.
  • සාම විනිසුරු (Justice of Peace) සහතික අවශ්‍ය නොවේ.
  • සියලුම මුල් ලේඛන එම ස්ථානයේදී ආපසු ලබා දෙනු ලැබේ.

3. Embassy of Sri Lanka in France16 Rue Spontini, 75016 Paris තැපෑල් මඟින් ඉදිරිපත් කිරීම

අවශ්‍යතා:

  • මුල් ලේඛන සහ A4 පිටපත් කට්ටලයක් යැවිය යුතුය.
  • අයදුම්පත JP නිලධාරියෙකු ඉදිරියේ අත්සන් කළ යුතුය.
  • සියලු අත්සන් සහ සහායක ලේඛන පිටපත් සඳහා JP සහතික අවශ්‍ය වේ.
  • ලේඛන ආපසු ලබා ගැනීම සඳහා පෙර ගෙවූ, තම ලිපිනය සඳහන් කළ කුරියර් ලියුම් කවරයක් (Signature Required) ඇතුළත් කළ යුතුය.
  • කොන්සියුලර් ගාස්තුව බැංකු මාරු කිරීමෙන් ගෙවිය යුතුය.

සටහන: තැපැල් / කුරියර් අතරතුර ලේඛන නැතිවීම හෝ හානි වීම සම්බන්ධයෙන් ප්‍රංශ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වගකීමක් ෙනාමැත.  

ගාස්තු සහ ක්‍රියාකාරී කාලය

ද්විත්ව පුරවැසි ගාස්තුව අය කරනු ලබන්නේ අමාත්‍ය අනුමැතිය ලැබීමෙන් පසුවය.

දෙපාර්තමේන්තුව ඊමේල් මගින් ගෙවීම සඳහා අයදුම්කරුට දැනුම් දෙනු ඇත.

ගෙවීමේ ක්‍රම:

ශ්‍රී ලංකා රුපියල් වලින්:

  • මුදල් හෝ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් මගින්
  • Shroff Counter, Citizenship Division 4 වන මහල, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, "Suhurupaya", බත්තරමුල්ල

හෝ

ඇමරිකානු ඩොලර් වලින් Online ගෙවීම:

  • ඊමේල් මගින් ලබාදෙන ගෙවීම් සබැඳිය භාවිතයෙන්.

අයදුම් ගාස්තු (Application Fees)

  • ප්‍රධාන අයදුම්කරු – USD $2000
  • කලත්‍රයා – USD $500
  • දරුවන් – USD $500

කොන්සියුලර් ගාස්තු (Consular Fee)

  • ද්විත්ව පුරවැසි දිවුරුම් ප්‍රකාශය (Dual Affidavit) – €64
  • ප්‍රංශ ලේඛන සහතික කළ පිටපත් – එක් ලේඛනයකට €12.