ප්‍රංශයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය
பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்
Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France

අවිවාහක සහතිකය සහ චාරිත්‍රානුකූල සහතිකය (Certificate of Célibat & Certificate of Coutume)
සුදුසුකම්:
ප්‍රංශයේ සහ මෙම තානාපති කාර්යාලයට සමගාමී අක්තපත්‍ර හිමි ස්පාඤ්ඤය, පෘතුගාලය, මොනාකෝ සහ ඇන්ඩෝරා යන රටවල පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන්.
මෙම සහතික සඳහා අයදුම් කිරීමේදී පහත සඳහන් ක්‍රම දෙකෙන් එකක් භාවිතා කළ හැක.
1. අංක 16 Rue Spontini,75016 Paris, France හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයතානාපති කාර්යාලයට පැමිණ අයදුම් කිරීම
2. අවශ්‍ය සියලුම ලේඛන Embassy of Sri Lanka in France, 16 Rue Spontini, 75016 Paris යන ලිපිනය ෙවත තැපැල් මඟින් එවීම
අවිවාහක සහතිකය සහ චාරිත්‍රානුකූල සහතිකය නිකුත් කිරීම
ප්‍රංශයේ පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් අවිවාහක සහතිකය (Certificate of Célibat) සහ චාරිත්‍රානුකූල සහතිකය (Certificate of Coutume) නිකුත් කරනු ලැබේ.
සහතිකය අයදුම්කරු වෙත භාර දෙනු ලැබේ. අයදුම්කරු තම විවාහය ලියාපදිංචි කිරීමට අපේක්ෂා කරන නගර සභාවේ (Town Council) නිවැරදි ලිපිනය ලබා දිය යුතුය.
අයදුම්කරුවන් තම විවාහ ලියාපදිංචිය සඳහා නගර සභාව වෙත අයදුම්පත් ඉදිරිපත් කළ පසු, විවාහ දැන්වීම (Notice of Marriage) අදාළ නගර සභාව මඟින් තානාපති කාර්යාලයට එවනු ලැබේ.
එම දැන්වීමේ සඳහන් ශ්‍රී ලාංකික පුරවැසියා/පුරවැසියන් සඳහා තානාපති කාර්යාලය විසින් සහතිකය නිකුත් කර ඇත්නම්, එය මහජන දැනගැනීම සඳහා දින 14ක් තානාපති කාර්යාලයේ ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශනය කරනු ලැබේ.
දින 14ක කාලයෙන් පසු, එම විවාහයට අදාළ කිසියම් විරෝධතාවයක් හෝ ප්‍රතිචාරයක් ලැබී ඇත්ද යන්න පිළිබඳව තානාපති කාර්යාලය අදාළ නගර සභාව වෙත දැනුම් දෙනු ඇත.
එම විවාහයට අදාළ විරෝධතාවයක් නොමැති බවට තහවුරු කිරීමේ ලිපිය තානාපති කාර්යාලය මඟින් නිකුත් කරනු ලබන්නේ දෙපාර්ශ්වයම තානාපති කාර්යාලයෙන් අදාළ සහතික ලබාගෙන ඇති අවස්ථාවලදී පමණි.
තානාපති කාර්යාලයෙන් සහතික ලබා නොගත් ශ්‍රී ලාංකික පුරවැසියන් සම්බන්ධයෙන් නගර සභාවලින් ලැබෙන විවාහ දැන්වීම් මහජන දැනගැනීම සඳහා තානාපති කාර්යාලයේ ප්‍රදර්ශනය නොකරන අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්ද ලබා නොදෙනු ඇත.
එබැවින්, විවාහ ලියාපදිංචිය සඳහා නගර සභාව වෙත අයදුම් කිරීමට පෙර, නියමිත ක්‍රියා පටිපාටිය අනුව තානාපති කාර්යාලයෙන් අදාළ සහතික ලබා ගැනීමට අයදුම්කරුවන්ට උපදෙස් දෙනු ලැබේ.
විදේශ භාෂාවලින් නිකුත් කරන ලද සියලුම ලේඛන සඳහා නිල ඉංග්‍රීසි පරිවර්තනයක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
ප්‍රංශ බලධාරීන් විසින් නිකුත් කරන ලද සියලුම ලේඛන, ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් අදාළ අත්සන් සහ මුද්‍රා සමඟ නීතිගත කර තිබිය යුතුය.