ප්‍රංශයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය

பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France

Embassy Flag

උප්පැන්න, විවාහ සහ මරණ සහතික වල සහතික කළ පිටපත් මාර්ගගතව ඉල්ලුම් කිරීම

අයදුම් කිරීමේ පියවර - විදේශීය අයදුම්කරුවන්

 වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දැන් ඔවුන්ගේ උප්පැන්න, විවාහ හෝ මරණ සහතික ලබා ගත හැකිද යන්න පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කළ හැකිය.

eBMD ද්වාරය හරහා අදාළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ඔබේ ඉල්ලීම ඉදිරිපත් කරන්න.

එවිට ඔබේ සහතිකය ලබා ගත හැකි මට්ටමක පවතින්නේ ද යන්න පිළිබඳව විද්‍යුත් තැපෑල මඟින් ඔබව දැනුවත් කරනු ඇත

  • .ෙමම වෙබ් අඩවියට පිවිසෙන්න: https://online.ebmd.rgd.gov.lk අයදුම්පත පුරවන්න.
  • ඔබ ඉල්ලා සිටින උප්පැන්න, විවාහ හෝ මරණ සහතිකයට අදාළ නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න.
  • ඉල්ලා සිටින ලද සහතිකය eBMD පද්ධතිය තුළ පවතින්නේ නම්, ඔබගේ තානාපති කාර්යාලය වෙත පැමිණීම සඳහා අවශ්‍ය ඉදිරි උපදෙස් ඇතුළත් තහවුරු කිරීමේ විද්‍යුත් තැපැල් පණිවිඩයක් ඔබට ලැබෙනු ඇත.
  • ගෙවීම් සිදු කළ හැක්කේ තානාපති කාර්යාලය වෙතින් පමණි.
  • විදේශීය අයදුම්කරුවන් සඳහා අන්තර්ජාලය ඔස්සේ (online) ගෙවීම් සිදු කළ නොහැක.
  • සහතික නිකුත් කරනු ලබන්නේ මුද්‍රිත ලේඛන ලෙස පමණක් වන අතර, කිසිදු හේතුවක් නිමිත්තෙන් ඒවා විද්‍යුත් තැපෑලෙන් හෝ ඩිජිටල් ක්‍රමවේදයකින් එවිය නොහැක.