ප්‍රංශයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය
பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்
Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France

ලේඛන සහතික කිරීම
සුදුසුකම් : ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය, මොනාකෝ සහ ඇන්ඩෝරා යන රටවල පදිංචිව සිටින, උපතින් හෝ ලියාපදිංචි වීමෙන් ශ්‍රී ලංකා පුරවැසියෙකු වන අයදුම්කරුවන්.
මෙම සේවාව සඳහා අයදුම් කිරීමට පහත සඳහන් ක්‍රම දෙකෙන් එකක් භාවිත කළ හැකිය.
- Embassy of Sri Lanka in France, 16 Rue Spontini, 75016 Paris හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණීම මගින්
- අවශ්‍ය සියලු ම ලේඛන Embassy of Sri Lanka in France, 16 Rue Spontini, 75016 Paris තැපෑල මගින් යොමු කිරීම මගින්
අයදුම්කරුගේ ඉල්ලීම අනුව, ශ්‍රී ලාංකික ලේඛනවල සඳහන් වාසගම, අනෙකුත් නම්, උපන් දිනය සහ උපන් ස්ථානය තහවුරු කරමින් සහතික කිරීමේ ලිපියක් නිකුත් කරනු ලැබේ.
වලංගු ශ්‍රී ලාංකික ලේඛන (ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය) හිමි ශ්‍රී ලාංකික පුරවැසියන් සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට පැරිස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් නිලධාරියෙකු වෙතින් මෙම සහතිකය ලබාගත හැකිය.
ඉදිරිපත් කළ යුතු ලේඛන
- ගමන් බලපත්‍රය අනුව
- අයදුම්කරුගේ විස්තර පෝරමය
- මුල් ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය සහ එහි ඡායා පිටපත
- රජයේ ගාස්තුව: එක් සහතික කිරීමක් සඳහා €41
- උප්පැන්න සහතිකය අනුව (උප්පැන්න සහතිකය පසුගිය වසරක් ඇතුළත ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නීත්‍යානුකූල කර තිබිය යුතුය.)
- අයදුම්කරුගේ විස්තර පෝරමය
- ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නීත්‍යානුකූල කරන ලද මුල් උප්පැන්න සහතිකය සහ එහි ඡායා පිටපත
- රජයේ ගාස්තුව: එක් සහතික කිරීමක් සඳහා €41
- උප්පැන්න සහතිකය සහ ගමන් බලපත්‍රය අනුව (උප්පැන්න සහතිකය පසුගිය වසරක් ඇතුළත ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නීත්‍යානුකූල කර තිබිය යුතුය.)
- අයදුම්කරුගේ විස්තර පෝරමය
- මුල් ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය සහ එහි ඡායා පිටපත
- ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නීත්‍යානුකූල කරන ලද මුල් උප්පැන්න සහතිකය සහ එහි ඡායා පිටපත
- රජයේ ගාස්තුව: එක් සහතික කිරීමක් සඳහා €41
ගෙවීම් ක්‍රමය
අයදුම්කරු තානාපති කාර්යාලයට පෞද්ගලිකව පැමිණෙන්නේ නම්, ගාස්තු මුදලින් ගෙවිය හැකිය.
සටහන: ණයපත් (Credit Cards), හරපත් (Debit Cards), පුද්ගලික හෝ ආයතනික චෙක්පත් භාරගනු නොලැබේ.
විශේෂ සටහන්
- නිවැරදි ක්‍රියාපටිපාටිය පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමේදී, අයදුම්කරු තම පුරවැසිභාවය පිළිබඳ තත්ත්වය ප්‍රකාශ කළ යුතුය.
- කොන්සියුලර් නිලධාරියා හෝ පිළිගැනීමේ නිලධාරියා අයදුම්කරුට ඒ අනුව උපදෙස් ලබා දෙනු ඇත.
- සම්පූර්ණ නොකළ අයදුම්පත් සහ අවශ්‍ය ලේඛන නොමැති වීම හේතුවෙන් ප්‍රමාදයන් ඇති විය හැක.
- පරිවර්තන මුල් ලේඛන ලෙස පිළිගනු නොලැබේ.
- සියලුම ඡායා පිටපත් A4 ප්‍රමාණයේ කඩදාසි මත ඉදිරිපත් කළ යුතුය.
- තැපෑලෙන් යවන ලද ලේඛන අහිමි වීම හෝ ප්‍රමාද වීම සම්බන්ධයෙන් පැරිස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කිසිදු වගකීමක් භාර නොගනී. කුරියර් සේවාව අවශ්‍ය නම් අයදුම්කරු විසින්ම එය සපයා ගත යුතුය.
- රිසිට්පත නිකුත් කිරීමෙන් පසු කිසිදු අවස්ථාවක ගාස්තු ආපසු ගෙවනු නොලැබේ.
- පුද්ගලික සහ ආයතනික චෙක්පත් භාරගනු නොලැබේ.