ප්‍රංශයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය

பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France

Embassy Flag

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයේ සංශෝධන / වෙනස්කම්

සුදුසුකම්: 

ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය, මොනාකෝ සහ ඇන්ඩෝරා යන රටවල පදිංචිව සිටින, උපතින් හෝ ලියාපදිංචියෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි අයදුම්කරුවන්ට මෙම සේවාව ලබාගත හැකිය.

Embassy of Sri Lanka in France, 16 Rue Spontini, 75016 Paris  හි පිහිටි   ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට   තානාපති කාර්යාලය වෙත   පැමිණීමෙන්

තානාපති කාර්යාලයට පුද්ගලිකව පැමිණීමට පෙර, අන්තර්ජාලය ඔස්සේ වේලාවක් වෙන්කරවා ගන්න (Book Appointment) වෙන්කරවා ගැනීම අනිවාර්ය වේ.

අයදුම්කරු විසින් ඉදිරිපත් කරන ලද අදාළ ලේඛන පරීක්ෂා කිරීමෙන් පසුව  නම සහ උපන් ස්ථානය සංශෝධනය කිරීම පමණක් තානාපති කාර්යාලයෙන් සංශෝධන සිදු කරනු ලැබේ.

උපන් දිනය සංශෝධනය කිරීම සඳහා අයදුම්පත ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත තානාපති කාර්යාලය මගින් යොමු කරනු ලැබේ.

හමුවීම සඳහා රැගෙන ආ යුතු ලේඛන

1. නමේ අකුරක් / විවාහයට පෙර නම / වෙනත් නමක් සංශෝධනය කිරීම සඳහා

  • අනුමත කිරීමේ පෝරමය (Endorsement Form – Form O – IM 37).
  • අයදුම්කරු විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් ලිපිය.
  • මුල් විදේශ ගමන් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්.
  • ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නීතිගත කර ඇති, වසරක් ඇතුළත නිකුත් කළ ශ්‍රී ලංකා මුල් උප්පැන්න සහතිකය සහ එහි ඡායා පිටපතක්.

2. විවාහයෙන් පසු නම සංශෝධනය කිරීම සඳහා

විවාහය සිදු වූ රට අනුව අමතර ලේඛන:

- ශ්‍රී ලංකාවේ විවාහ වූයේ නම්: ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නීතිගත කර ඇති, වසරක් ඇතුළත නිකුත් කළ මුල් විවාහ සහතිකය.

- ප්‍රංශයේ විවාහ වූයේ නම්: ප්‍රංශයේ නීතිගත කිරීමේ මධ්‍යස්ථානයෙන් (Centre de légalisation) නීතිගත කර ඇති, වසරක් ඇතුළත නිකුත් කළ මුල් විවාහ සහතිකය සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය.

- වෙනත් රටක විවාහ වූයේ නම්: ප්‍රංශයේ පිහිටි අදාළ රටේ තානාපති කාර්යාලයෙන් නීතිගත කර ඇති, වසරක් ඇතුළත නිකුත් කළ මුල් විවාහ සහතිකය සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය.

3. උපන් ස්ථානය සංශෝධනය කිරීම සඳහා

  • අනුමත කිරීමේ පෝරමය (Form O – IM 37).
  • අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය.
  • මුල් විදේශ ගමන් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්.
  • ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නීතිගත කර ඇති, වසරක් ඇතුළත නිකුත් කළ ශ්‍රී ලංකා මුල් උප්පැන්න සහතිකය සහ එහි ඡායා පිටපතක්.

ගෙවීම් ක්‍රම

අයදුම්කරුවන්ට මුදල් (Cash), ක්‍රෙඩිට් කාඩ් / ඩෙබිට් කාඩ් හෝ ATM කාඩ්පත් මගින් ගෙවීම් කළ හැකිය. (පුද්ගලික හෝ සමාගම් චෙක්පත් භාරගනු නොලැබේ.)

අදාළ ගාස්තු

සේවාවේ විස්තරයසාමාන්‍ය ගාස්තුව
විදේශ ගමන් බලපත්‍රයක අනුමත කිරීම් / සංශෝධන – එක් සංශෝධනයකට€12

වැදගත් කරුණු

  • නිල රිසිට්පතක් නිකුත් කිරීමෙන් පසු කිසිදු අවස්ථාවක ගෙවූ ගාස්තු ආපසු ලබා නොදේ.
  • පරිවර්තනය කරන ලද ලේඛන මුල් ලේඛන ලෙස භාරගනු නොලැබේ.
  • සියලුම ඡායා පිටපත් A4 ප්‍රමාණයේ කඩදාසිවල සකස් කළ යුතුය.
  • තානාපති කාර්යාලය සියලුම ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මුල් ලේඛන අයදුම්කරු වෙත ආපසු ලබාදෙනු ලැබේ.