ප්‍රංශයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය

பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France

Embassy Flag

යුනෙස්කෝ සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය 

යුනෙස්කෝවේ ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව 1948 දී නිදහස ලබා ගැනීමෙන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) සාමාජිකත්වය ලබා ගැනීමටත් පෙර, 1949 නොවැම්බර් 14 වන දින එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝවේ (UNESCO) සාමාජික රටක් බවට පත්විය. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත්තේ 1955 දෙසැම්බර් 14 වන දින ය.

නවදිල්ලියේ පිහිටි යුනෙස්කෝ කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධ කටයුතු අධීක්ෂණය කරන අතර, යුනෙස්කෝ මූලස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය කටයුතු සිදු කරයි.

ශ්‍රී ලංකාව 2003–2011 කාලසීමාව තුළ අඛණ්ඩ වාර දෙකක් සඳහා යුනෙස්කෝ විධායක මණ්ඩලයට තේරී පත් විය.

ශ්‍රී ලංකාව මීට පෙර යුනෙස්කෝ විධායක මණ්ඩලයේ සේවය කළ අවස්ථා:

1968–1974  ෆ්‍රෙඩ්රික් ද සිල්වා මහතා

· 1987–1991  නිස්සංක පරාක්‍රම විජේරත්න මහතා, ආනන්ද පී. ගුරුගේ මහතා

· 2003–2007  කරුණාසේන කොඩිතුවක්කු මහතා, මංගල සමරවීර මහතා

· 2007–2011  සුසිල් ප්‍රේමජයන්ත මහතා, බන්දුල ගුණවර්ධන මහතා

· 2015–2019  අකිල විරාජ් කාරියවසම් මහතා

ශ්‍රී ලංකාව 2023 නොවැම්බර් මාසයේදී 2023–2027 කාලසීමාව සඳහා යුනෙස්කෝ විධායක මණ්ඩලයට තේරී පත් විය.

ශ්‍රී ලංකාව යුනෙස්කෝ මහා සම්මේලනයේ පහත සඳහන් අනුබද්ධ ආයතනවල සාමාජිකයෙකි:

· සන්නිවේදන සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර වැඩසටහනේ (IPDC) අන්තර් රාජ්‍ය කවුන්සිලය (2025–2029) 

· යුනෙස්කෝ මූලස්ථාන කමිටුව (2025–2029)

· අන්තර් රාජ්‍ය ජෛව ආචාර ධර්ම කමිටුව (IGBC) (2023–2027)

ශ්‍රී ලංකාව SDG 4 – Education 2030 උසස් මට්ටමේ මෙහෙයුම් කමිටුවේ (HLSC) 2026–2027 කාලසීමාව සඳහා ද සාමාජිකයෙකි. ගුණාත්මක අධ්‍යාපනය පිළිබඳ තිරසර සංවර්ධන ඉලක්කය 4 සාක්ෂාත් කර ගැනීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රයත්නයන්හි ප්‍රගතිය ඉදිරියට ගෙන යාමට මඟ පෙන්වන ගෝලීය ඉහළම මට්ටමේ සම්බන්ධීකරණ ආයතනය ලෙස HLSC කටයුතු කරයි. ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස, HLSC නායකයින්ගේ කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස කටයුතු කරන අතර, යුනෙස්කෝ සඳහා ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිතවරයා HLSC හි Sherpa ලෙස කටයුතු කරයි.

අධ්‍යාපනය

ශ්‍රී ලංකාවේ ළමා ජනගහනය මිලියන 4.2ක් වන අතර, සාක්ෂරතා අනුපාතය 92.5% කි. එය දකුණු ආසියාවේ ඉහළම සාක්ෂරතා අනුපාතය වේ. ප්‍රාථමික අධ්‍යාපනය, ස්ත්‍රී–පුරුෂ සමානාත්මතාව, ළදරු සහ මාතෘ මරණ අනුපාතය වැනි ක්ෂේත්‍රයන්හි සියලු දෙනා සඳහා අධ්‍යාපනය (Education for All – EFA) යටතේ වූ ඉලක්ක කිහිපයක් ශ්‍රී ලංකාව දැනටමත් සපුරා ඇත. ශ්‍රී ලංකාවේ EFA සංවර්ධන දර්ශකය 0.956ක් වන අතර, එමඟින් EFA ඉලක්ක සම්පූර්ණයෙන් සපුරා ගැනීමට ශ්‍රී ලංකාව ඉතා ආසන්න මට්ටමක සිටී.

විද්‍යාව

යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම (IOC)

ඉන්දියානු සාගර සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් සහ අවම කිරීමේ පද්ධතිය, යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම (IOC) යටතේ ස්ථාපිත කරන ලදී. මෙය ගෝලීය මෙහෙයුම් බහුකාර්ය හඳුනාගැනීමේ සහ බහු-උවදුරු අනතුරු ඇඟවීමේ පද්ධතියක කොටසකි. ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීම් සහ අවම කිරීමේ පද්ධතිය සඳහා වන අන්තර් රාජ්‍ය සම්බන්ධීකරණ කණ්ඩායමේ සියලුම රැස්වීම් සඳහා ශ්‍රී ලංකාව සක්‍රීයව සහභාගී වී ඇත.

ශ්‍රී ලංකාව සඳහා යුනෙස්කෝ සුනාමි සහාය

2004 දෙසැම්බර් 26 වන දින ඇති වූ සුනාමියෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ සුනාමි ආශ්‍රිත කටයුතු සඳහා සහාය වීම සඳහා යුනෙස්කෝ විසින් කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුගෙන් සමන්විත තාවකාලික කාර්යාලයක් ස්ථාපිත කරන ලදී. තවද, තාක්ෂණික සහාය ලබා දීම සඳහා යුනෙස්කෝ දූත කණ්ඩායම් ගණනාවක් ශ්‍රී ලංකාවට පැමිණියේය.

යුනෙස්කෝ විසින් අනුමත කරන ලද ජෛවගෝල රක්ෂිත

යුනෙස්කෝවේ මිනිසා සහ ජෛවගෝලය (MAB) වැඩසටහනේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ කවුන්සිලය විසින් ආසියාවේ රටවල් 21ක ජෛවගෝල රක්ෂිත 94ක් අනුමත කර ඇත. ශ්‍රී ලංකාවේ ජෛවගෝල රක්ෂිත හතර පහත පරිදි වේ:

· හුරුලු (1977)

· සිංහරාජ (1978)

· කන්නෙලිය–දෙදියගල–නාකියාදෙණිය (KDN) (2004)

· බුන්දල (2005)

සංස්කෘතිය

ආගමික සංකේත හා ප්‍රකාශන අනිසි ලෙස භාවිත කිරීම

යුනෙස්කෝ විධායක මණ්ඩලයේ 170 වන සැසිවාරයේදී, ආගමික සංකේත හා ප්‍රකාශන අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ කරුණක් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලදී. සාමාජික රටවල් රැසක සහාය ඇතිව, එය 2005 වසරේ පැවති යුනෙස්කෝ මහා සම්මේලනයේ 33 වන සැසිවාරයේදී සම්මත කරන ලදී.

ශ්‍රී ලංකාවේ ලෝක උරුම ස්ථාන

ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ විසින් පිළිගත් ලෝක උරුම ස්ථාන 8ක් ඇත:

· පොළොන්නරුව පුරාණ නගරය (1982)

· සීගිරිය පුරාණ නගරය (1982)

· අනුරාධපුර පූජනීය නගරය (1982)

· ගාල්ල පැරණි නගරය සහ එහි බලකොටු (1988)

· මහනුවර පූජනීය නගරය (1988)

· සිංහරාජ වනාන්තර රක්ෂිතය (1988)

· දඹුල්ල රන් විහාරය (1991)

· ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය (2010)

ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා සලකා බලමින් පවතින ස්ථාන:

· පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ භාවනා ආරාම (2024)

· ශ්‍රී ලංකාවේ තේ සංස්කෘතික භූ දර්ශනය (2025)

· රිටිගල දැඩි ස්වභාවික රක්ෂිතය) (2026)

ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් (ICH) 

· රූකඩ නාට්‍ය, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නූල් රූකඩ නාට්‍ය කලාව (2018)

· දුම්බර රටා කලාල නිෂ්පාදනය කිරීමේ සාම්ප්‍රදායික ශිල්පීය තාක්ෂණය (2021)

· කිතුල් මැදීම / කිතුල් කැපීම, ශ්‍රී ලංකාවේ කිතුල් ගස්වලින් පාරම්පරිකව දියර ලබා ගැනීමේ පුරාණ දේශීය තාක්ෂණය (2025)

ලෝක මතක ලේඛනයේ ලියාපදිංචි කිරීම්

· වෙරළබඩ ලංකාවේ ලන්දේසි මධ්‍යම රජයේ ලේඛනාගාර 1640–1796 (2003)

· ඉන්දියානු සාගර සුනාමි ලේඛනාගාරය (2017)

· මහාවංශය, ශ්‍රී ලංකාවේ මහා වංශකථාව (2023)

· 1873 පානදුර වාදයට (පානදුර මහා වාදයට) අදාළ ලේඛන (2025)

· ත්‍රිභාෂා සෙල්ලිපිය (2025)

සන්නිවේදනය සහ තොරතුරු

2006 මැයි 3 වන දින, යුනෙස්කෝ අනුග්‍රහය යටතේ ලෝක මාධ්‍ය නිදහස් දිනය ශ්‍රී ලංකාවේදී පවත්වන ලදී. 1993 දී එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය විසින් මැයි 3 වන දින ලෝක මාධ්‍ය නිදහස් දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මාධ්‍ය නිදහසේ මූලධර්ම සිහිපත් කිරීම සහ සැමරීම මෙන්ම, ලොව පුරා මාධ්‍ය නිදහස ප්‍රවර්ධනය කිරීමට හා ආරක්ෂා කිරීමට දායක වන මාධ්‍යවේදීන්ට උපහාර දැක්වීම එහි අරමුණ වේ.

ලෝක මාධ්‍ය නිදහස් දින සැමරුමට මාධ්‍ය නිදහසට අදාළ ප්‍රධාන කරුණක් සම්බන්ධයෙන් පැවැත්වෙන දෙදින ජාත්‍යන්තර සමුළුවක් ඇතුළත් වේ. මෙම දෙදින සමුළුව යුනෙස්කෝ/ගිලර්මෝ කානෝ (UNESCO/Guillermo Cano) ලෝක මාධ්‍ය නිදහස් ත්‍යාගය පිරිනැමීමේ උත්සවයෙන් අවසන් වේ. ශ්‍රී ලංකාවේ පැවති සමුළුවේ තේමාව වූයේ “මාධ්‍ය, සංවර්ධනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම” යන්නයි.

ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා යුනෙස්කෝ ශිෂ්‍යත්ව

යුනෙස්කෝ ශිෂ්‍යත්ව වැඩසටහන, ශිෂ්‍යත්ව, අධ්‍යයන සහ සංචාරක ප්‍රදාන ලබා දීම හා පරිපාලනය කිරීම මඟින්, යුනෙස්කෝවේ අපේක්ෂිත උපායමාර්ගික අරමුණු සහ වැඩසටහන් ප්‍රමුඛතා සමඟ සමීපව සම්බන්ධ වන ක්ෂේත්‍රවල මානව සම්පත් සංවර්ධනය සහ ජාතික ධාරිතා ගොඩනැගීම සඳහා දායක වීම අරමුණු කරයි. එමෙන්ම, සම-අනුග්‍රාහක ශිෂ්‍යත්ව වැඩසටහන හරහා උනන්දුවක් දක්වන පරිත්‍යාගශීලීන් සහ අයවැයෙන් බැහැර අරමුදල් මූලාශ්‍ර සමඟ ශිෂ්‍යත්ව සඳහා සම-අනුග්‍රාහකත්ව වැඩපිළිවෙළ වැඩි කිරීම ද එහි අරමුණකි.

මේ දක්වා ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබා දී ඇති ශිෂ්‍යත්ව:

· යුනෙස්කෝ/ඊශ්‍රායල (MASHAV) සම-අනුග්‍රාහක ශිෂ්‍යත්ව

· යුනෙස්කෝ/චීනය (The Great Wall) සම-අනුග්‍රාහක ශිෂ්‍යත්ව

· යුනෙස්කෝ ශිෂ්‍යත්ව

· ප්‍රමුඛතා වැඩසටහන් ක්ෂේත්‍ර සඳහා සහාය වන වැඩසටහන

· යුනෙස්කෝ/ජපානය: OBUCHI සම-අනුග්‍රාහක ශිෂ්‍යත්ව

· යුනෙස්කෝ/කොරියා ජනරජය (IPDC) සම-අනුග්‍රාහක ශිෂ්‍යත්ව

සම්බන්ධතා

යුනෙස්කෝ සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය

අතිගරු සුගීශ්වර ගුණරත්න මහතා

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කෝ සඳහා නිත්‍ය නියෝජිත

Bureaux M2.08 à 10

1, rue Miollis

75732 PARIS Cédex 15

දුරකථන: +33 1 45 68 30 30 / +33 1 45 68 30 40

ෆැක්ස්: +33 1 47 83 29 45

විද්‍යුත් තැපෑල: dl.sri-lanka@unesco-delegations.org

යුනෙස්කෝ සඳහා ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව

යුනෙස්කෝ සඳහා ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව

5 වන මහල

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය

ඉසුරුපාය, බත්තරමුල්ල

ශ්‍රී ලංකාව

දුරකථන: +94 11 21 77 002/3 (සාමාන්‍ය)

ෆැක්ස්: +94 11 21 77 007

විද්‍යුත් තැපෑල: slncu@slt.lk

LinkedIn – ලින්ක්ඩ්ඉන්

Twitter (X) – ට්විටර් (X)